
විදුහල්පති පණිවිඩය
ශ්‍යාමලී දොලේවත්ත
වසර 128 ක ආඩම්බරයෙ ඉතිහාසයක් හිමි පින්දෙනිය විද්‍යා චක්‍රවර්ති ජාතික පාසලෙහි විදුහල්පතිවරයා ලෙස 2024 වර්ෂයේ අග භාගයේ රාජකාරි භාර ගතිමි.70, 80, 90, හා 2000 දශක වල පළාතේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි සිසුන් 2000 පමණ ඉගෙනුම ලැබූ පාසලක් ලෙස කැපී පෙනුණ ද, ඉන් අනතුරුව කාලයේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමිකව අඩුව මා මෙම පාසල භාරගන්නා විට සිසුන් 560 ට පමණ ආසන්න ව පැවතිණි.
නිවාසාන්තර ක්‍රීඩා උත්සව, ශිෂ්‍ය සාහිත්‍ය සමිති, විවිධ දින එකසිය විසි පස් වන සංවත්සරය නිමිති කොට සාංඝික දානමය පිංකම, ශිෂ්‍ය දක්ෂතා අගයනු වස් ත්‍යාග ප්‍රදානෝත්සව මෙන්ම කාර්යමණ්ඩල ඇගයීම්ද පාසල තුල ක්‍රියාත්මක කළ වැඩසටහන් කීපයකි. පාසලේ පූර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කිරීම තුල විෂය ඉගැන්වීමට අමතරව විවිධ ශිෂ්‍ය සමිති උදෑසන රැස්වීම් විවාද තරග කථික තරග විවිධ සිසු නිර්මාණ තරග ක්‍රිකට් වොලිබෝල් වූෂු කරාටේ table tennis ශිෂ්‍ය පාර්ලිමේන්තු බාලදක්ෂ ශිෂ්‍ය භට පරිසර බට කණ්ඩායම් හරි විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් රාශියක් පාසල තුල ක්‍රියාත්මකය
අද වන විට මෙම පූර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික මට්ටමේ විභාග ජයග්‍රහණ මෙන්ම සෞන්දර්ය සාහිත්‍ය සහ විභාග ජයග්‍රහණ වල ජාතික මට්ටමේ කොටස්කරුවන් බවට අප පාසලේ දරුවන් පත්වෙමින් සිටී. මෙවර සෞන්දර්ය හා ක්‍රීඩා තරග ජාතික මට්ටමේ ජයග්‍රහණ ඊට උදාහරණ ලෙස දැක්විය හැක.
කලා වාණිජ විද්‍යා ගණිත තාක්ෂණ මෙන්ම දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන අංශය ද ඇතුළුව සෑම අංශයක්ම ඇතුළත් භෞතික හා මානව සම්පත් සපිරි පාසලක් ලෙස මේ වන විට 1000 ආසන්න ශිෂ්‍ය ප් ප්‍රජාවක් සමඟ ජයග්‍රාහී ගමනක යෙදෙන පින්දෙණියේ විද්‍යා චක්‍රවර්ති ජාතික පාසල නුදුරේදීම කෑගල්ල අධ්‍යාපන කලාපයේ ප්‍රමුඛතම ජාතික පාසල ලෙස ද, ජාතික තලයේ දී කැපී පෙනෙන ජාතික පාසලක් ලෙස ද වැජඹෙනු දැකීම මගේ අපේක්ෂාවයි
ශ්‍යාමලී දොලේවත්ත
විදුහල්පති
පින්දෙණිය ජාතික පාසල .