පින්දෙණිය ජාතික පාසල

පාසලේ ඉතිහාසය

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම 2025

DSC_1349.jpeg
DSC_1346.jpeg

විද්‍යාලීය ඉතිහාසයෙන් බිදක්...

වර්ෂ 1896 දී පින්දෙණියේ තානායම් බිම ලෙස හැදින්වෙන ස්ථානයේ ජෝන් කරුණාරත්න මහතා විසින් කුඩා පොල් අතු පැළක සිංහල පිරිමි පාසලක් වශයෙන් පින්දෙණිය පාසල ආරම්භ කරන ලදී. වර්ෂ 1897 දී රජයේ පාසලක් වශයෙන් පිළිගනු ලැබීමෙන් අනතුරුව වර්ෂ 1892 දී පටන් රජය මගින් පාලනය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් විදුහල්පති හා ගුරුවරුන් පත්කිරීමෙන් මෙසේ පින්දෙණියට ශාස්ත්‍ර ප්‍රදීපයෙන් ක්‍රම ක්‍රමයෙන් ආලෝකය ලැබෙන්නට විය. රජය මගින් පත් කරනු ලැබූ පළමු විදුහල්පතිවරයා වූයේ සෙරම් මහතාය.

එවකට අධ්‍යාපන අමාත්‍යව සිටි ගරු සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ විශේෂ අනුග්‍රහය ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1946 මාර්තු 01 වන දින ඉංග්‍රීසි කණිෂ්ඨ පාඨශාලාවක් බවට පත්වීමෙන් අනතුරුව ගැහැණු ළමයින්ද ඇතුලත් කරගනු ලැබිණි.එම නිසා මෙම පාසල මිශ්‍ර පාඨශාලාවක් බවට එතැන් සිට පත් විය.

වර්ෂ 1956 දී මහා විද්‍යාලයක් බවටත් නාගරික සුපිරි පාසල්වලට තිබෙන තත්වය ගම්බද පාසල්වලටද ලබා දීමට ගත් පියවරක් වශයෙන් වර්ෂ 1992-08-01 දින සිට මධ්‍ය මහා විද්‍යාලයක තත්වයටත් උසස් කරනු ලැබිණි. අනතුරුව 1994-06-23 දින ජාතික පාසලක් බවට උසස් කොට අධ්‍යාපන අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කරන ලදී.