පින්දෙණිය ජාතික පාසල

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම 2025

DSC_1349.jpeg
DSC_1346.jpeg

ශිෂ්‍යන් සදහා පොදු නීති රීති හා නීළ ඇදුම සකස් විය යුතු ආකාරය

  • කොණ්ඩය කොටට කැපිය යුතුය. පැත්තට පීරා තැබිය යුතුය.
  • රැවුල නිසි පරිදි කපා පැමිණිය යුතුය.
  • සිසුන්ගේ නිල ඇදුමේ අත අගල් 8 ක් විය යුතුය. පාසලේ නිල ලාංජනය වම්පස සාක්කුවේ පැළදිය යුතුය.
  • අතේ වාටිය අගල් 1ක් තිබිය යුතුය.
  • අතේ Fault එක අගල් 14 ක් තිබිය යුතු අතර, වට ප්‍රමාණය අගල් 28 ක් විය යුතුය.
  • කලිසමේ ඇතුළතින් පිටුපස එක් සාක්කුවක් පමණක් අගල් 4*4 තිබිය යුතුය.
  • කළු සපත්තු සුදු මේස් පැළදිය යුතුය.(ලේස සහිතව)
  • සපත්තු ඉදිරි මුහුණත රවුම් විය යුතුය.
  • උල් සපත්තු පැළදීම සපුරා තහනම් වේ.
  • කොණ්ඩය කැපීමේදී කට් එක, කන් හැඩය ලගට තිබිය යුතුය.
  • ජෙල් ආදී විවිධ ආලේපන ගැල්වීම සපුරා තහනම් වේ.
  • 6-9 ශ්‍රේණිවල සිසුන් සදහා නිල්පැහැ කොට කලිසම නියමිතය.

10-13 සිසුන්ගේ කලිසම

  1. පිටුපස එක් සාක්කුවක් පමණි.
  2. ලූප් ඇල්ලීම සපුරා තහනම් වේ.
  3. දෙපස සාක්කු දෙකයි.
  4. කලිසම් (Folder) කකුල අග කොටස අගල් 14 ක වන අතර වටය අගල් 28

6-9 සිසුන්ගේ කලිසම

  1. පිටුපස එක් සාක්කුවක් පමණි.
  2. ලූප් ඇල්ලීම සපුරා තහනම් වේ.
  3. දෙපස සාක්කු 2 යි.
  4. කලිසම හිර නොවන පරිදි ප්‍රමාණවත් ලෙස මසා තිබිය යුතුය.
 

ශිෂ්‍යාවන්ගේ නිළ ඇදුම සකස් විය යුතු ආකාරය

  • කොලරයේ උල් කොටස  අගල් 4.
  • අතේ දිග ඩැලමිට දක්වා දිගින් 1/2 පමණ
  • ඉණ වැලමිට උසට.
  • කර විවරය අගල් 5.
  • පටියේ පළල අගල් 1 1/2.
  • රැලි 7 මැද රැල්ල හා දෙපසට රැලි 3 බැගිනි.
  • මැද රැල්ල අගල්5.
  • අනෙක් රැලි අගල් 2 බැගින්.
  • යට වාටිය අගල් 2.
  • ගවුමේ උස දණහිස වැසෙන සේ තිබිය යුතුය.
  • පාසල් නිල ලාංජනය වමෙන්, කොලරයේ උල් කොටසේ සිට අගලක් පහලට.
  • කර විවරයට අයිලට් එකක් ඇල්ලිය යුතුය.
  • ශිෂ්‍යාවන්ගේ බද පටියට හක් ඇල්ලිය යුතුය.
  • සාක්කුව දකුණු පසට දමන්න.
  • එල්ලෙන කරාඔු විවිධ විලාසිතා පැලදීම සපුරා තහනම වේ.
  • කලු කොණ්ඩ කටු දෙකක් කන දෙපස කොණ්ඩයට (රැලි කටු) පැලදිය හැකිය.
  • සුදු සපත්තු සුදු මේස් පැළදිය යුතුය.
  • ටයි පටිය සහ නිල ලාංජනය අනිවාර්යෙන් පැළදිය යුතුය.
  • කොණ්ඩය දෙපැත්තට පීරා දෙකට බෙදා ගෙතිය යුතුය.
  • කොණ්ඩය කපන්නේ නම්  බෙල්ල මට්ටමට වඩා ඉහලින් තිබිය යුතුය.