ලෝකයම විශ්ව ගම්මානයක් වී ඇති යුගයක අපේ දරුවන්ටත් එම අත්දැකීම් ලබා ගැනීමට අවැසි කාලය දැන් එළඔී ඇත. කොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන දරුවන්ගේ පරිශ්‍රමයෙන් දොරට වඩිනා " පාසල් වෙබ් අඩවිය නිර්මාණය කිරීම " වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් ලබාදීමට හැකිවීම මාගේ භාග්‍යයක් සේ සළකමි. " නවලොව ජයගන්නා නිර්මාණශීලී විශිෂ්ටයින් " බිහි කිරීමට නිරන්තර උත්සාහයක යෙදෙන පිංදෙණිය විද්‍යාචක්‍රවර්තී ජාතික පාසලට නව ලොව ජයගැනීමට හැකි නිර්මාණශීලී සිසු පරපුරක් බිහිකිරීමට ඉදිරියේදී හැකිවේවායි සුභාසිංසනයක් එක්කරමි.