පැමිණීම
- පෙරවරු 7.30 ට පෙර සෑම ශිෂ්‍යය ශිෂ්‍යාවක්ම පාසලට පැමිණිය යුතුය.
- නොපැමිණි සෑම දිනකම හේතු ශිෂ්‍ය වාර්තා පොතෙහි සටහන් කරවා පන්ති භාර ගුරුභවතාට ඉදිරිපත් කර අත්සන් කරගත යුතුයි.
- පිළිගත හැකි හේතුවක් නොමැතිව නොදන්වා නොකඩවා මාස දෙකක් විදුහලට නොපැමිණෙන සිසුන් පාසලෙන් අස් වූ අය සේ සලකනු ලාබේ.
- රජයේ ප්‍රසිද්ධ විභාග සදහා ඉදිරිපත් වීමට 80% පැමිණීම අත්‍යවශ්‍ය බව දැන දිනපතා පාසල් පැමිණිය යුතුය.
- පාසල් කාලය තුළ පාසලෙන් අනවසරයෙන් බැහැර යාම සම්පූර්ණයෙන් තහනම් වන අතර අසනීප අවස්ථාවලදී විදුහලෙන් බැහැර වීමේ විධිමත් ක්‍රියා අනුගමනය කළ යුතුය.
- අනුයාත දින 10 කට වඩා වැඩි දින ගණනක් නොපැමිණෙන සිසුන් දෙමාපියන් මාර්ගයෙන් පාසලට පැමිණිය යුතුය.
පාසලේ විනය නීති රීති
- පාසල ආරම්භ කිරීමට පෙර පන්ති කාමරය ඇතුලත හා පිටත පිරිසිදු කළ යුතුයි.
- දවස ආරම්භයේ සීනුව නාද කළ පසු බදාදා දින (සති දෙකකට වරක්) ප්‍රධාන රැස්වීම සදහා රැස්විය යුතුය. සති දෙකකට වරක් බදාදා දින දැනුම මිනුම වැඩසටහන පැවැත්වේ.
- සදුදා/අගහරුවාදා/බ්‍රහස්පතින්දා පන්ති භාර ගුරුතුමා/ගුරැතුමියගේ සහභාගිත්වයෙන් පන්තිය තුල ආගමික වතාවත් කළ යුතුවේ.
- පන්තියෙන් බැහැර වීම සපුරා තහනම් වේ. එසේ වුවත් කිසියම් අවශ්‍යතාවයක දී බැහැර වන්නේ නම් බැහැරවීමේ අවසරපත අනිවාර්රයෙන් ම භාවිතා කළ යුතු වේ.
- කුමන හේතුවක් නිසාවත් පාසල් භූමිය තුළ අනවශ්‍ය ස්ථානවල ගැවසීම,කල්ලි ගැසීම,කල්ලි වශයෙන් කණ්ඩායම් වශයෙන් සිටීම සපුරා තහනම් වේ.
- නුසුදුසු ලිපි ලිවීම,ළග තබා ගැනීම,හුවමාරු කිරීම හා එයට අනුබල දීම දඩුවම් ලැබිය හැකි වරදකි.
- අසභ්‍ය පොත් පත්, පින්තූර, කැසට් පටි, සීඩී, ජංගම දුරකථන පාසලට ගෙන ඒම හා ඒවා ළග තබා ගැනීම හා හුවමාරු කිරීම සම්පූර්ණයෙන් තහනම් ය.
- බාහිර පුද්ගලයින් හා සම්බන්ධ වී පාසල තුල විනය විරෝධී කටයුතු කිරීම හා හැසිරීම සපුරා තහනම් වේ.
- පාසලට අලුතින් පැමිණෙන දරුවන්ගෙන් කප්පම් ගැනීම හා ඔවුන්ට වද හිංසා කිරීම සම්පූර්ණයෙන් තහනම් ය.
- පාසල් භූමිය තුළ දුම්පානය, මත්පැන් පානය, ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තහනම්ය.
- පාසලේ ඇති උපකරණ හා වෙනත් සම්පත් ආරක්ෂා කළ යුතුය. පෙළ පොත් ආරක්ෂා කර භාවිත කොට නිසි පරිදි ආපසු භාර දිය යුතුය.
- විදුහල් පරිසරය අලංකාරව හා විධිමත්ව පවත්වා ගත යුතුය. පොලිතින් භාවිතය සපුරා තහනම්ය. ආහාර රැගෙන ඒම සදහා කෑම පෙට්ටි භාවිත කළ යුතුය.
- පාසල් පරිසරය, වැසිකිළි, කැසිකිළි ආදිය පිරිසිදුව තබා ගනිමින්, නියමිත පිරිසිදු කිරීම් කටයුතු නොපිරිහෙලා ඉටුකළ යුතුය.
- පාසල් වෙලාවෙන් පසුව පවත්වනු ලබන දේශන, ඉගැන්වීම්, වෙන්ත් සංවර්ධන වැඩසටහන්,සාරධර්ම වැඩසටයන් සහ විෂය සමගාමී වැඩසටහන් වලට සහභාගී විය යුතුය.
- පාසලට ගෙවිය යුතු පහසුකම් හා සේවා ගාස්තු, සංවර්ධන සමිති, සාමාජික අරමුදල්, විභාග ගාස්තු විදුහලෙන් නියම කරන දින වලදී ගෙවිය යුතුය.
- විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන්, අංශභාර හා විෂයභාර ගුරුභවතුන් හා විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය සමග ගැටුම් ඇතිකරගැනිීම සපුරා තහනම් වේ.
- විද්‍යාලයේ සියලුම ශිෂ්‍ය නායක නායිකාවන් විදුහල්පතිතුමා සහ කාණ්ඩ භාර ආචාර්යවරුන් අදාල උපදෙස් ලබාදෙනු ඇත. සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම ඔවුන්ට අවනත විය යුතුය.
- සිසුන්ට පහර දීම කුමන ආකාරයක හෝ වදහිංසා දීම ගැටුම් ඇති කර ගැනීම සපුරා තහනම් වේ.
පන්ති කාමර තුළ හැසිරීම
- පන්ති නායක නායිකාවන්ට අවනත විය යුතුය.
- පන්ති මාරුවීමේදී පේලි ගැසී නියමිත පන්ති කාමර කරා කඩිසරව ගමන් කළ යුතු අතර කොරිඩෝවල රැදී සිටීම සපුරා තහනම් වේ.
- විෂය භාර ගුරුභවතෙකු නොපැමිණි විට අංශ භාර ගුරුභවතෙකුට දැනුම් දිය යුතු අතර, විෂය නායක නායිකාවන් කාර්යාලයට පැමිණ අදාළ පැවරුම් ලබා ගත යුතුය.
- යම් ගැටලුවක් ඇති වුවහොත් තම පන්ති භාර ගුරුතුමා සමග සාකච්ඡා කොට විදුහල්පතිතුමාට ඉදිරිපත් කිරීමෙන් එය විසදා පත යුතුවේ.
පාසලෙන් පිටත හැසිරීම
- පයින් ගමන් කරන සෑම සිසුවෙකුම පාරේ දකුණු පැත්තෙන් ගමන් කළ යුතුය.
- පාසල් ලොවෙන් පසු නිවෙස් කරා නොගොස් කඩපිල්වල නිකරුනේ රැදෙමින් පාසලට කැළලක් වන සේ කටයුතු කිරීමෙන් වළකින්න.
- පාසලෙන් පිටස්තර පුද්ගලයින් සම්බන්ධ කරගෙන පාසලට, විදුහල්පතිතුමාට, ගුරුභවතුන්ට, අනධ්‍යන කාර්ය මණ්ඩලයට හෝ තරග සදහා පාසලෙන් බැහැරව යන අවස්ථාවලදී භාරව යන ගුරුභවතුන්ට අවනත විය යුතුය.